ගෝර්ඩින් උද්‍යානය

කොටුවේ පිහිටි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් ස්ථානයකි. පෘතුගීසීන් කොළඹට පැමිණීමේදී එය සංකේතවත් කිරීම පිණිස සලකුණු කරන ලද පෘතුගීසි රජුගේ ලාංඡනය සහිත ගල්පුවරුව මෙහි දක්නට ඇත. දොන්ජුවන් ධර්මපාල රජුගේ දේහය මිහිදන් කොට ඇත්තේ ද මෙම උද්‍යානයේ බව කියවේ.

ජෝර්ජ් වෝල් ස්මාරකය

ලිප්ටන් වටරවුමේ පිහිටි මෙම පෞරාණික ස්මාරකය ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවෙක් වූ ජෝර්ජ් වෝල් වෙනුවෙන් පිහිටුවන ලද්දකි. වසර 100කට වඩා පැරණි මෙම ස්මාරකය අදටත් ලිප්ටන් වට රවුමේදී දැකිය හැකිය. 1894දී ජෝර්ජ් වෝල්ගෙ හිත මිතුරන් විසින් පිහිටුවන ලද මෙය පිඟන් ගඩොල් ඇල්ලූ ගෝලාකාර සිලින්ඩරයකින් හා වතුර මලකින් යුතුව අලංකාර ලෙස එදා නිර්මාණය කොට තිබී ඇත.

කයිමන් දොරකඩ ඝන්ඨාර කුලුණ

ගෑස්පහ හන්දියේ පැරණි නගර ශාලාවට බටහිරට වෙන්නට කෙලින් වීදියේ පිහිටා ඇති මෙය ඕලන්ද පාලන සමයේදී ඉදිකරන ලද්දක් බව පැවසේ. මෙහි ඇති ඝන්ඨාරය එදා පෘතුගීසි දේවස්ථානයක් බිඳ දැමීමෙන් පසුව එහි නටඹුන් අතර තිබී ගෙන ආ එකක් ලෙසට සැලකේ. දෙවන ලෝක යුද සමයේදී මෙම ඝන්ඨාරය නාද කොට තිබේ. ආරුක්කු හැඩයකින් යුක්ත මෙම ඝන්ඨාර කුලුණ 1926 සිට දේව […]