කිරිබත් වෙහෙර

කිරිබත් වෙහෙර පිහිටා තිබෙන්නේ  පූජනීය  අනුරාධපුරයේ, විජයාරාම නටබුන් සහ මල්වතු ඔයට ඉහළින් ඇති ගල් පාලම අතර ය. මෙම අබලන් වූ ස්ථූපයේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත.  මෙම පුරාණ ස්තූපය අඩි 30 ක් උස වන අතර වට ප්‍රමාණය අඩි 425 කි. විවිධ ප්‍රකාශන වලට අනුව මෙම ස්ථූපය ඊසාන දෙසින් විජයාරාමයට සැතපුම් 1/2 […]

ශාන්ත පීතර දේවස්ථානය

ඓතිහාසික වටිනාකමක් ඇති මෙම දේවස්ථානය කොටුව පල්ලිය පාරේ පිහිටා ඇත. මෙය එකල ඕලන්ද ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවාසය විය.1804දී කල ප්‍රතිසංස්කරණ වලින් පසුව එය ක්‍රිස්තියානි දේවස්ථානයක් බවට පත් කරන ලදී. එකල මෙහි සිට වරාය අවට දර්ශනය මැනවින් නැරඹිය හැකි විය.

වවුලුගල සිරිධර්ම රක්ෂිතාරාම පුරාණ විහාරය

හොරණ මොරෙන්තුඩුව මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට මෙම පුරාණ රජමහා විහාරය හමුවේ. මෙහි සංඝාවාසයට පිටුපසින් මහනුවර යුගයේ මුල් භාගයට අයත් ප්‍රතිමා සහිත ලෙන් විහාර ගෙයක් දුටුව හැකිය. නුවර යුගයේ ප්‍රතිමා ලක්ෂන පිළිබිඹු කරන මෙම විහාරස්ථානයේ ගල් සිවිලිම මත සරල උද්භිත රටා මෝස්තර සිතුවම් කොට ඇත.

වීදාගම මහ මෙත් විහාරය

පානදුර හොරණ පාරේ කිලෝමීටර 11 ක් පමණ ගිය විට මෙම පුරාණ පුණ්‍ය භූමිය වෙතට ළඟාවිය හැක. එදා වීදාගම මෛත්‍රී හිමියන් මෙම විහාරස්ථානයෙහි වැඩ වාසය කල බව මූලාශ්‍රවල සඳහන් වේ. මෙම විහාරය පිහිටි ගමට වීදාගම නම යෙදී ඇත්තේ “විජ්ජුගාම“ හෙවත් “වීදාගම බොදුගම“ යන අර්ථයෙනි. වෙහෙර අබියස වීදාගම මහමෙත් හිමියන්ගේ පිළිරුවක් ඉදිකොට තිබේ. උන් වහන්සේ විසින් රචිත […]

වීදියගොඩ රජමහා විහාරය

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් වසමේ පිහිටා ඇති මෙම පූජනීය ස්ථානය වීදිය බණ්ඩාර වීරයාගේ චරිතය හා බැඳී පවතී. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයකි. පත්තිනි හා නාථ දේවාලයක් ඇත.

කෝට්ටේ රජමහා විහාරය

කෝට්ටේ පැරකුම්බා රජදවස ඉදිකරන ලද මෙම රජමහා විහාරයට අයත් පෞරාණික නටබුන් අතර පිළිම ගෙය, සීමා මාලකය හා ගල්කණු සුවිශේෂී වේ. සයවැනි පරාක්‍රමබාහු රජු විසින් මෙහි කරවන ලද දළදා මාළිගය තුළ රන්කරඩුවක බහා තබා දළදා සමිදුන්ට ආරක්ෂාව සලසා දී ඇති බව දළදා වංශ කථාවල සඳහන් වේ.

බෙල්ලන්විල රජමහා විහාරය

කොළඹ නගරයට තරමක් කිට්ටුවෙන් දෙහිවලට ආසන්නයේ ඇති බෙල්ලන්විල රජමහාවිහාරය ඉතා පැරණි ඉතිහාසයක් ඇති විෂ්ණු දේව බල මහිමය සහිත පූජා භූමියකි. මෙහි දක්නට ලැබෙන මහා බෝධිය මහත් හාස්කම් සහිත බෝධියක් ලෙස සැලකේ. මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් යුග තුනකට බෙදා වෙන්කල හැකි අතර. පැරණිම විහාරස්ථානය පෘතුගීසි ආක්‍රමණවලදී විනාශයට පත්වී ඇත. විෂ්ණු දෙවියන්ගෙ තෙද බල මහිමය ගැන මෙම විහාරස්ථානය […]

දීපදුත්තාරාමය

කොළඹ නගරයේ ඇති පැරණි විහාරස්ථාන අතුරින් ප්‍රමුඛම විහාරයක් වන කොටහේන දීපදුත්තාරාමය , අන්‍යාගමික බලය තදින් පැවති යටත්විජිත යුගයේදී බෞද්ධ ප්‍රබෝධයට මුල පුරමින් ඉදිකරන ලද්දකි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් වර්ෂ 1835න් පසුව වැඩිදියුණු කර ඇත. ඕලන්ද සහ බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යා ශෛලීන් මිශ්‍රව ගොඩනැඟුනු පිළිමයක්ද මෙහි දක්නට ඇත. කොටහේන බෞද්ධ පෙරහැරට පහරදීමේ සිදුවීම සිදුවූයේද මෙම විහාරස්ථානය පසුබිම්වය.

වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය

හොරණ සිට නෑබඩ හරහා මතුගම දක්වා දිවෙන මාර්ගයේ පැමිණ මෙම රජමහා විහාරයට ළඟාවිය හැක. මානාභරණ, කීර්ති ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ යන තුන් බෑ සොහොයුරෝ වික්‍රමබාහු රජුට විරුද්ධව සටන් වදිද්දී මෙම වරකාගොඩ ලෙන් විහාරය ආසන්නයේ කඳවුරු බැඳ සිටින්නට ඇතැයි සැලකේ. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජසභාවේ සිටි ප්‍රතිරාජ නම් ඇමතිවරයාගේ විශේෂ අවදානයක් යොමුවූ ප්‍රදේශයක් ලෙසට සැලකේ. මෙම […]

පොකුණුවිට රජමහා විහාරය

පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ 9 කණුවට ආසන්නයේ පිහිටා ඇති මෙම රජමහා විහාරය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස වන විටත් පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර හමුවී තිබේ. පැරණි විහාර මන්දිරය කබොක් හා මැටි භාවිතයෙන් නිම කොට ඇත. මහනුවර යුගයේ අගභාගයට අයත් මූර්ති හා බිතුසිතුවම් දක්නට ඇති අතර සමාධි බුදු පිළිමය නැවත පිළිසකර කර ඇති අයුරු දිස්වේ. මේ […]