වවුලුගල සිරිධර්ම රක්ෂිතාරාම පුරාණ විහාරය

හොරණ මොරෙන්තුඩුව මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට මෙම පුරාණ රජමහා විහාරය හමුවේ. මෙහි සංඝාවාසයට පිටුපසින් මහනුවර යුගයේ මුල් භාගයට අයත් ප්‍රතිමා සහිත ලෙන් විහාර ගෙයක් දුටුව හැකිය. නුවර යුගයේ ප්‍රතිමා ලක්ෂන පිළිබිඹු කරන මෙම විහාරස්ථානයේ ගල් සිවිලිම මත සරල උද්භිත රටා මෝස්තර සිතුවම් කොට ඇත.

වීදාගම මහ මෙත් විහාරය

පානදුර හොරණ පාරේ කිලෝමීටර 11 ක් පමණ ගිය විට මෙම පුරාණ පුණ්‍ය භූමිය වෙතට ළඟාවිය හැක. එදා වීදාගම මෛත්‍රී හිමියන් මෙම විහාරස්ථානයෙහි වැඩ වාසය කල බව මූලාශ්‍රවල සඳහන් වේ. මෙම විහාරය පිහිටි ගමට වීදාගම නම යෙදී ඇත්තේ “විජ්ජුගාම“ හෙවත් “වීදාගම බොදුගම“ යන අර්ථයෙනි. වෙහෙර අබියස වීදාගම මහමෙත් හිමියන්ගේ පිළිරුවක් ඉදිකොට තිබේ. උන් වහන්සේ විසින් රචිත […]

වීදියගොඩ රජමහා විහාරය

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් වසමේ පිහිටා ඇති මෙම පූජනීය ස්ථානය වීදිය බණ්ඩාර වීරයාගේ චරිතය හා බැඳී පවතී. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයකි. පත්තිනි හා නාථ දේවාලයක් ඇත.

වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය

හොරණ සිට නෑබඩ හරහා මතුගම දක්වා දිවෙන මාර්ගයේ පැමිණ මෙම රජමහා විහාරයට ළඟාවිය හැක. මානාභරණ, කීර්ති ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ යන තුන් බෑ සොහොයුරෝ වික්‍රමබාහු රජුට විරුද්ධව සටන් වදිද්දී මෙම වරකාගොඩ ලෙන් විහාරය ආසන්නයේ කඳවුරු බැඳ සිටින්නට ඇතැයි සැලකේ. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජසභාවේ සිටි ප්‍රතිරාජ නම් ඇමතිවරයාගේ විශේෂ අවදානයක් යොමුවූ ප්‍රදේශයක් ලෙසට සැලකේ. මෙම […]

පොකුණුවිට රජමහා විහාරය

පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ 9 කණුවට ආසන්නයේ පිහිටා ඇති මෙම රජමහා විහාරය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස වන විටත් පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර හමුවී තිබේ. පැරණි විහාර මන්දිරය කබොක් හා මැටි භාවිතයෙන් නිම කොට ඇත. මහනුවර යුගයේ අගභාගයට අයත් මූර්ති හා බිතුසිතුවම් දක්නට ඇති අතර සමාධි බුදු පිළිමය නැවත පිළිසකර කර ඇති අයුරු දිස්වේ. මේ […]

කළුතර බෝධිය

කළුතර බෝ සමිදු දකුණු පලාත බලා යන කවරෙකුගේ වුවත් නෙත් සිත් අලවන සැදැහැබැතිය දනවන සුන්දර දසුනකි. එක්පසකින් කළු ගං මෝදරත්, දුම්රිය මාර්ගයත් අනිත් පැත්තෙන් මහා සාගරයත් දිස්වෙන මානයේ නගර මධ්‍යයේ පිහිටි කළුතර බෝ සමිඳුන්ට පඬුරක් දමා වැඳ නමස්කාර කොට යාමට බොදු ජනතාව අමතක නොකරති. කළුතර බෝධීන් වහන්සේ දේව අනුහස පවතින පුදබිමක් ලෙසට ප්‍රකටය. තිසර හා […]

අලුත්ගම කන්දේ විහාරය

ගාලුපාරේ ගොස් කලුවාමෝදර පාලම ළඟින් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි අලුත්ගම කන්දේ විහාරය, බොහෝ බැතිමතුන් වන්දනාමාන කිරීමට නිතර යන එන සුන්දර පුදබිමකි. ක්‍රි.ව 1734 දී පමණ ඉදිකරන ලද මෙම විහාරය එහි පිහිටා ඇති ශ්‍රී විෂ්ණු මහා දේවාලය නිසා වඩාත් ප්‍රසිද්ධය. ඉපැරණි ධාතු මන්දිරයේ ඇති බිතුසිතුවම් මහනුවර යුගයේ චිත්‍ර වලට නෑකම් කියයි. අති […]