කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර

කොටහේනේ පිහිටා ඇති මෙම දෙව්මැඳුර පෞඩත්වයේ හා පූජනීයත්වයේ සංකේතයක් ලෙස හැඳින්විය හැකිය. අද කොළඹ නගරයේ පිහිටි විශාලතම දෙව්මැදුර වන මෙය වර්ශ 1760 දී ආරම්භ කරන විට පොල් අතු මඩුවකි. අද එහි දක්නට ඇති විශේෂාංග 1937 වසර දක්වා ක්‍රම ක්‍රමයෙන් ගොඩනගන ලද ඒවාය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ පෙන්නුම් කරන මෙම දෙව්මැදුර කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූවකි. […]

වුල්පැන්ඩාල් පල්ලිය

වර්තමාන සරවනමුත්තු මාවතේ පිහිටා ඇති මෙම පල්ලිය ලංකාවේ ප්‍රථම පෙන්තකොස්ත පල්ලිය බව සඳහන් වේ. ඕලන්ද වාස්තු විද්‍යාත්මක ලක්ෂනයන් පෙන්වන මෙම ‍ගොඩනැඟිල්ල ප්‍රජා විද්‍යාත්මක වශයෙන් වැදගත් ඉපැරණි ස්මාරකයකි.

කළුතර බෝධිය

කළුතර බෝ සමිදු දකුණු පලාත බලා යන කවරෙකුගේ වුවත් නෙත් සිත් අලවන සැදැහැබැතිය දනවන සුන්දර දසුනකි. එක්පසකින් කළු ගං මෝදරත්, දුම්රිය මාර්ගයත් අනිත් පැත්තෙන් මහා සාගරයත් දිස්වෙන මානයේ නගර මධ්‍යයේ පිහිටි කළුතර බෝ සමිඳුන්ට පඬුරක් දමා වැඳ නමස්කාර කොට යාමට බොදු ජනතාව අමතක නොකරති. කළුතර බෝධීන් වහන්සේ දේව අනුහස පවතින පුදබිමක් ලෙසට ප්‍රකටය. තිසර හා […]

අලුත්ගම කන්දේ විහාරය

ගාලුපාරේ ගොස් කලුවාමෝදර පාලම ළඟින් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි අලුත්ගම කන්දේ විහාරය, බොහෝ බැතිමතුන් වන්දනාමාන කිරීමට නිතර යන එන සුන්දර පුදබිමකි. ක්‍රි.ව 1734 දී පමණ ඉදිකරන ලද මෙම විහාරය එහි පිහිටා ඇති ශ්‍රී විෂ්ණු මහා දේවාලය නිසා වඩාත් ප්‍රසිද්ධය. ඉපැරණි ධාතු මන්දිරයේ ඇති බිතුසිතුවම් මහනුවර යුගයේ චිත්‍ර වලට නෑකම් කියයි. අති […]

පැපිලියාන සුනේත්‍රාදේවි විහාරය

හයවැනි පරාක්‍රමබාහු රජුගේ මෑණියන් වූ සුනේත්‍රා දේවිය සිහිකරනු වස් ක්‍රි.ව 1417 දී ඉදිකරන ලද්දකි. පසුකල මෙය සුනේත්‍රා දේවි මහ පිරිවෙන නම් විය.

කුප්පියාවත්තේ ජයසේකරා රාමය

මරදාන නගරයට ආසන්නයේ පිහිටි මෙම පුදබිමේ ඉතිහාසය වර්ෂ 1823 තෙක් දිව යයි.  ආවාස මන්දිරයක්, දර්ශනීය විහාරගෙයක් හා දේවාලයක්ද සහිත මෙම විහාරස්ථානය, 19 වැනි සියවස් අගභාගයේදී කොළඹ බෞද්ධාගමික පුනරුදයට විශාල මෙහෙවරක් ඉටු කළ සිද්ධස්ථානයකි. අද නවීකරණය වී ඇති මෙය “කුප්පියාවත්ත පන්සල“ නමින්ද ප්‍රසිද්ධය.

නවගමුව පත්තිනි දේවාලය

පැරණි රත්නපුර මහා මාර්ගයේ කඩුවෙල පසුකර ටික දුරක් ගිය විට අනුහස් ඇති නවගමුව පත්තිනි දේවාලය වෙත ළඟා විය හැකිය. බුදුන්ගේ පාත්‍රා ධාතුව සහ පත්තිනි මෑණියන්ගේ සළඹ තැන්පත් කොට මෙම දේවාලය ඉදිකොට ඇතැයි පැරණි මූලාශ්‍රවල සඳහන් වේ. සෑම වසරකම අගෝස්තු මාසයේදී මෙම පත්තිනි දේවාල පෙරහර හා පුද පූජා පැවැත්වේ. පත්තිනි මෑණියන්ට බාර හාර වීම සඳහා බොහෝ […]

හුණුපිටිය ගංඟාරාම විහාරය

කොළඹ නගර මධ්‍යයේ සුන්දර හා නිසංසල පරිසරයක පිහිටි හුණුපිටිය ගංඟාරාමය වසර 120ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන පුණ්‍ය භූමියකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් වසර 1884දී ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය එදා සිට අද දක්වා ශාසනික සහ සමාජීය සේවාවන් සිදුකරමින් යෙහෙන් වැජඹේ. විහාරයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මඟින් ගිහි පැවිදි සිසුන්ට ලබාදෙන නැණ නුවණ අති […]

කොරතොට ලෙන් විහාරය

කඩුවෙල නගරය පසුකොට කිලෝමීටර් 3ක පමණ දුරින් පිහිටා ඇති මෙම ලෙන් විහාරය දැකුම්කලු කඳුගැටයක් මත පහිටා තිබේ. බෝමිරියේ ලෙන් විහාරය ලෙසටද මෙය හැඳින්වේ. වටිනා සෙල්ලිපියක්ද මෙහි දක්නට ඇති අතර වෙහෙර පිහිටි කන්ද මුදුනට බැලුම් ගල යැයි ව්‍යවහාර කෙරේ. සීතාවක රාජසිංහ රජුගේ සෙබළුන් පෘතුගීසීන් ගැන ඔත්තු බලා ඇත්තේ මෙම කඳුගැටය මුදුනේ සිට බව පැවසෙන අතර.. එම […]